ඇතැම් රටවලට බොරතෙල් අලෙවිය නතර කරන බවට ඉරානය අනතුරු අගවනවා. පළමු පියවර ලෙස යුරෝපා රටවලට බොරතෙල් අලෙවිය නතර කිරීමට වූ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුවට දැනටමත් ඉදිරිපත් වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පැවැත්වීමට තිබූ විවාදය කල් දමා තිබෙනවා. ඉරානය මෙවැනි අනතුරු ඇගවීමක් කරන්නේ අමෙරිකාව සහ යුරෝපා රටවල් විසින් එරටට පැන වූ සම්බාධකවලට ප‍්‍රතිචාර දක්වමින්. එරට න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීමට බල කරමින් එම සම්බාධක පනවා තිබෙනවා.
0 comments:
Post a Comment