පාපැදි ක‍්‍රිඩාව පරිපාලනය සදහා අතුරු කමිටුවක් අද (ජන 30) පත්කෙරුණා. ඒ ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින්. එයාර් වයිෂ්මාෂල් ගගන බුලත්සිංහල මහතා අතුරු කමිටුවේ සභාපතීත්වය දරනවා. ලේකම් ධුරයට කිසිවෙකු පත්කර නොකිරීම විශේෂත්වයක්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, බි‍්‍රගේඩියර් රවී මායාදුන්න, ජාතික ඔලිම්පික් කමිටුවේ උප ලේකම් නිශාන්ත පියසේන හා පාපැදි ජාතික සංගමයේ හිටපු ලේකම් එන්. කරුණාරත්න යන මහත්වරුන් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.
පාපැදි ක‍්‍රිඩාව ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට පරිපාලනය කෙරුණේ ක‍්‍රීඩා අමාත්‍යංශය විසින්. පාපැදි ජාතික සංගමය සදහා නිලවරණයක් පැවැත්වීමට අධිකරණයෙන් වාරණයක් පනවා තිබීම ඊට හේතුවයි.
0 comments:
Post a Comment