ඔස්ට්‍රේලියානු බල අරගල‍යේ අලුත් පෙරළිය

Monday, February 27, 2012

ඔස්ටේ‍්‍රලියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස අග‍්‍රාමාත්‍ය ජුලියා ගිලාඞ් යලි තේරී පත්වුණා. ඒ, එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ඡන්ද විමසීමක දීයි. කම්කරු පක්ෂයේ ඉහළ මණ්ඩලයේ සාමාජිකයන් එහි දී ඡුන්දය ප‍්‍රකාශ කළා. ජුලියා ගිලාඞ්ට ලැබුණු  ඡන්ද සංඛ්‍යාව 71 ක්. ඇගේ ප‍්‍රතිවාදියා වූ හිටපු විදේශ අමාත්‍ය කෙවින් රඞ් වෙනුවෙන් ලැබුණේ ඡුන්ද 31 ක් පමණයි. කම්කරු පක්ෂයේ නායකත්ව සටන ඉන් අවසන් වුවද ඔස්ටේ‍්‍රලියාවේ දේශපාලනය තවදුරටත් අස්ථාවර වනු ඇතැයි විචාරකයන් පවසනවා. 
ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය ඉකුත් දිනවල දිගින් දිගටම අනාවැකි පළකළේ කම්කරු පක්ෂයේ නායකත්ව සටනින් කෙවින් රඞ් ජයගනු ඇති බවටයි. ජුලියා ගිලාඞ් එම සටන ජයගත්තේ ලබන වසරේ පැවැත්වෙන ඔස්ටේ‍්‍රලියානු මහ මැතිවරණයේ දී කම්කරු පක්ෂයේ අග‍්‍රාමාත්‍ය අපේක්ෂකත්වය ද සමගයි. මේ වන විට 51 වන වියේ පසුවන ජුලියා ගිලාඞ් ඔස්ටේ‍්‍රලියාවේ 27 වන අග‍්‍රාමාත්‍යවරයායි. ඇගේ ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වූ කෙවින් රඞ් ද ඊට පෙර එරට අග‍්‍රාමාත්‍ය ධුරය හොඹවා තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum