ඉන්දීය කණ්ඩායමට සී බී කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාවක් තවමත් ඉතිරිව ඇතැයි තමන් නොදන්නා බව එම කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණි පවසනවා. ප‍්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දීය කණ්ඩායමට දැන් සිදුව ඇත්තේ තරගාවලියෙන් ඉවත්වීමට බවයි මහේන්ද්‍ර සිං දෝණී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ. එහෙත්, ශ‍්‍රී ලංකාව ඔස්ටේ‍්‍රලියාව හමුවේ පරාජය වුවහොත් සහ ප‍්‍රසාද ලකුණක් ද දිනාගනිමින් ඉහළ පරතරයකින් ශ‍්‍රී ලංකාව පරාජය කිරීමට ඉන්දියාව සමත් වුවහොත් අවසන් තරගයට පිවිසීමේ සියුම් අවස්ථාවක් ඔවුන්ට හිමිව තිබෙනවා. මාධ්‍යවේදියෙකු ඒ බව පෙන්වාදීමෙන් පසු මහේන්ද්‍ර සිං දෝණී ප‍්‍රකාශ කළේ එය දැනගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි. ඉන්දීය කණ්ඩායමේ ක‍්‍රිඩකයන්ට අමතරව පුහුණුකරු, පන්දු රැුකීමේ පුහුණුකරුවෙකු, පන්දු යැවීමේ පුහුණුකරුවෙකු, දත්ත විශ්ලේෂකයෙකු, ශාරීරික අභ්‍යාස පුහුණුකරුවෙකු සහ භෞත චිකිත්සකවරයෙකු ද සිටිනවා. ඔවුන්ගෙන් කිසිවෙකු හෝ ඉන්දීය කණ්ඩායමට අවසන් තරගයට පිවිසීමට තවමත් අවස්ථාවක් ඉතිරිව ඇතැයි එම කණ්්ඩායමේ නායකයාට පෙන්වා දී නොතිබීම විමතියට කරුණක්. ඉන් අදහස් වන්නේ ඔවුන් කිසිවෙකු තරගාවලියේ නීති රීති ගැන හෝ ප‍්‍රසාද ලකුණු සටහන ගැන අවබෝධයක් නොමැති බව යැයි ක‍්‍රික් ඉන් ෆෝ බේ අඩවිය පවසනවා.
0 comments:
Post a Comment