තේ වත්තේ තනි වූ පාසල් දැරිය

Tuesday, February 21, 2012

පාසල් නිල ඇඳුමේ ටයි පටියෙන් සහ කොණ්ඩ පටියෙන් දෑත් සහ මුව බැඳ දමා සිටි දැරියක් බගවන්තලාව චැපල්ටන් වතුයායේදී පොලීසිය විසින් අද සොයා ගැනුනා. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ වත්තේ සේවකයන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව එම දැරිය සොයා ගත් බවයි. වයස අවුරුදු 14ක් පමණ වන ඇය බගවන්තලාව ප‍්‍රදේශයේ දෙමළ පාසලක ඉගෙනුම ලබන බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා. පාසල් යාම සඳහා දැරිය නිවසින්  පිටවී ඇත්තේ උදෑසන 7 යි 45 ට පමණයි. අතරමගදී ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් තමන්ට පහරදී දෑත් සහ මුව බැඳ දැමූ බව ඇය පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum