මනුෂ්‍ය ඝාතකයක් සම්බන්ධයෙන් වරදකරු වූ භික්ෂුන් වහන්සේ නමකට සහ තවත් අයෙකුට තංගල්ල මහාධිකරණයේදී අද මරණීය දණ්ඩනය නියම කෙරුණා. එලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණු භික්ෂුන් වහන්සේ වන්නේ පූජ්‍ය ගොමඩියේ සරණ හිමියන්. අනෙක් තැනැත්තා ඥාතීත්වයෙන් උන්වහන්සේගේ මාමා කෙනෙකු වනවා. නඩුගත වූ මනුෂ්‍ය ඝාතනය ඉකුත් දෙදහස වසේර ජනවාරි මස 19 වැනිදා කටුවන අළුපොද්දෙණිය ප‍්‍රදේශයේදී සිදු වූ එකක්. මරණීය දණ්ඩනයට නියම කෙරුණු භික්ෂුන් වහන්සේ එවකට ගිහි අයෙකුව සිටියා. නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා පැවසුවේ එම තීන්දුවේ පිටපත් සියලූම නිකායන්ගේ මහානායක හිමිවරුන්ට යැවිය යුතු බවයි.
0 comments:
Post a Comment