පෞද්ගලික බස් රථ බොහෝමයක සේවකයන් වැඩවර්ජනයක නිරත වනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඊයේ (පෙබ 12) මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනය ආරම්භ කළ බවයි. ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා බස් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා. පෞද්ගලික බස් සදහා සහනාධාරයක් ලබාදීමට යෝජනා වී තිබුණ ද එම යෝජනාව ද පිලිගත නොහැකි බවයි ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
කෙසේ වෙතත් යෝජනා වී ඇති ඉන්ධන සහනාධාරය පිළිගන්නා බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ප‍්‍රකාශ කළේ. එබැවින් වර්ජනයට එක්නොවූ බව එම සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා ප‍්‍රකාශ කළා. .
වර්ජනයේ නිරත වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලියාපදිංචි බස් රථ සංඛ්‍යාව 20,000 ක් පමණ බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා. වර්ජනයට එක් නොවන සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලියාපදිංචි බස් රථ සංඛ්‍යාව 07 දහස් 500 කට ආසන්නයි.
0 comments:
Post a Comment