කතරගම තම්මැන්නාව ප්රදේශයෙන් හමුවු මැණික් නිධිය සහිත ඉඩමේ කැණිම් කටයුතු අද (පෙබ 29) ආරම්භ වනවා. කට්ටි 46 කට වෙන් කර එම ඉඩම වෙන්දේසි කෙරුණේ ඉකුත් 24 වැනිදායි. එහෙත් අධිකරණ නියෝගයක් බලපැවැත්වීම නිසා ඊයේ දිනය දක්වා කැණිම් කිරිමට අවසර හිමිවුයේ නැහැ. අද සිට කැණිම් ආරම්භ කිරිමට අවසර ලබා දෙන්නේද නියමිත ගෙවීම් සම්පූර්ණ කර ඇති පුද්ගලයින්ට පමණක් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.
ඉඩම් කට්ටි 3ක් අඩු ආදායම්ලාභීන් සඳහා වෙන් කර ඇතැයිද ප්රකාශ කෙරුණා. එම අඩු ආදායම්ලාභීන් තෝරා ගන්නේ ප්රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ අනුවයි. කැනීම් කටයුතු කැමරා මගින් නිරීක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.
0 comments:
Post a Comment