Monday, February 06, 2012

එල් ටී ටී ඊ යේ හිටපු නායක ප‍්‍රභාකරන්ගේ රුව සහිත මුද්දර පෙළක් නෝර්වේ සහ ජර්මනියේ ද එළිදැක්වුණා. එම මුද්දර පෙළ එළිදැක්වුනේ ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර වසර 64 ක් සම්පූර්ණ වූ ඉකුත් සෙනසුරාදාම වීම විශේෂත්වයක්. ප‍්‍රභාකරන්ගේ රුවට අමතරව ඊළාම් රාජ්‍යයේ සිතියම, ඊළාම්  ධජය සහ නියගලා මල ද එම මුද්දරවලට ඇතුළත්. නෝර්වේ හිදී එරට ජාතික තැපැල් සේවය හරහා මුද්දර එළිදැක්වීමට කටයුතු කර ඇත්තේ නෝර්වීජියානු ඊළාම් කවුන්සිලයයි. තමිල් ඊළාම් කවුන්සිලය ජර්මනියේ ජාතික තැපැල් සේවය හරහා මුද්දර එළිදැක්වීමට කටයුතු කළා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum