සුදු කොඩි නඩුවේ තීන්දුවට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කරන ලද අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී පළමුවරට අද (පෙබ 08) සැලකිල්ලට ගැනෙනවා. ඒ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ප‍්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. නිමල් ගාමිණී අමරතුංග , පී.ඒ. රත්නායක, එස්. සත්‍යා හෙට්ටිගේ සහ පි‍්‍රයසාත් ඩෙෆ් යන මහත්වරුන් විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වනවා.
මේ අතර සුදු කොඩි නඩුව මුල් අවස්ථාවේදි විභාගයට ගත්තේ කොළඹ මහාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. නීතිපතිවරයා විසින් පවරන ලද එම නඩුවේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අධිචෝදනා 3ක් නගා තිබුණා. විනිසුරු මඩුල්ලේ බහුතර තීරණය වූයේ එම අධිචෝදනාවලින් එකකට පමණක් සරත් ෆොන්සේකා මහතා වරදකරු වන බවයි. එබැවින් ඒ මහතාට වසර 3ක බරපතල වැඩසහිත සිරදඬුවමක් සහ රුපියල් පන්දහසක දඩයක් නියම කෙරුණා. එහෙත් බහුතර තීරණයට පටහැනිව ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා ප‍්‍රකාශ කළේ නගා තිබූ සියලූ චෝදනාවලට සරත් ෆොන්සේකා මහතා නිවැරදිකරු බවයි. තීරණය ලබාදීමේදී ඇතැමි සාක්ෂි නොසලකා හැර ඇති බවත් සාක්ෂි ඇගයීමේදී දෝෂ සිදුව ඇති බවත් අභියාචනයේ දක්වා තිබෙනවා.
0 comments:
Post a Comment