ඉන්ධන මිළ වැඩි කිරීමට විරෝධය පළ කරමින් ධීවරයන් ද මුහුදු යාම අතහැර උද්ඝෝෂණවල නිරත වනවා. එවැනි එක් උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ පෙරියමුල්ල මංසන්ධියේ දීයි. මේ නිසා හලාවත් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටබාධ පැමිණ තිබෙනවා.
හලාවත සහ පුත්තලම යන ප්‍රදේශවල ධීවර යාත්‍රා 6000 ක් පමණ අද මුහුදු යාමෙන් වැළකී සිටි බව ද ප්‍රකාශ කෙරුණා.
මේ අතර මාලූ තොග වෙනදා මෙන්ම ලැබුණු බව ද මිළ ගණන් නොවෙනස්ව පවතින බව ද පෑලියගොඩ මත්ස්‍ය වෙළදපළ වාර්තා පැවසුවා.
0 comments:
Post a Comment