විදුලි බිල වැඩිවෙයිද ? නිල නිවේදනය තව ටිකකින්

Wednesday, February 15, 2012

ඉන්ධන මිල වැඩි කිරීමෙන් විදුලි නිෂ්පාදනයේ පිරිවැය ඉහළ යාම සහ ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ පස්වරුවේ පවත්වන සාකච්ඡාවකදී එම නිර්දේශ මාධ්‍යයටද හෙළි කරන බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවා. 
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් මහතා ඉකුත්දා පැවසුවේ ඉන්ධන මිල වැඩි කිරීම නිසා විදුලි නිෂ්පාදනයේ පිරිවැය රුපියල් බිලියන 70කින් පමණ ඉහළ ගිය බවයි.


0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum