බ්‍රිතාන්‍යට යන්න දැන් තවත් අමාරු වෙයි

Wednesday, February 15, 2012

විදේශීය සිසුන්ට අධ්‍යාපන අවස්ථා සැලසීමේදී දැනට කි‍්‍රයාත්මක රෙගුලාසි අපේ‍්‍රල් මස 6 වැනිදා සිට සංශෝධනය කරන බව බි‍්‍රතාන්‍ය යළි සිහි කැඳවනවා. විදේශීය සිසුන් අධ්‍යාපනය ලබන මුවාවෙන් බි‍්‍රතාන්‍යයට පැමිණ රැකියාවල නිරතවීම වළක්වාලීම එම සංශෝධනවල අපේක්ෂාව බවයි එරට ආගමන විගමන අමාත්‍ය ඩේමියන් ගී‍්‍රන් මහතා පෙන්වා දෙන්නේ. දීප්තිමත් සහ දක්ෂ සිසුන්ට පමණක් බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපන අවස්ථා ලබාදීම තවත් අපේක්ෂාවක් බව ප‍්‍රකාශ කෙරුණා. 
දැනට කි‍්‍රයාත්මක රෙගුලාසි අනුව අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු තවත් වසර දෙකක් බි‍්‍රතාන්‍යයේ රැඳී සිට  ඕනෑම රැකියාවක නිරත වීමට විදේශීය සිසුන්ට හැකියි. එහෙත් අපේ‍්‍රල් මාසයෙන් පසු එම අවස්ථාව හිමිවන්නේ පිළිගත් ආයතනයකින් රැකියාවක් සැපයෙන සිසුන්ට පමණයි. ඔවුන්ට ගෙවනු ලබන අවම මාසික වැටුප වැටුප බි‍්‍රතාන්‍ය පවුම් විසිදහසක් විය යුතු බවද අමාත්‍ය ඩේමියන් ගී‍්‍රන් මහතා පවසනවා.  

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum