උතුරු මැද සහ දකුණු පළාත් සභාවල එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් එම පළාත් සභාවල අද පැවති මාසික සභාවාරට පැමිණ ඇත්තේ කරත්තවල නැගීයී. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වුණා. උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් කරත්ත වලින් පැමිණියේ අනුරාධපුර නව බස් නැවතුම්පොළ අසල සිටයි. දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ද කරත්ත 3ක නැග පළාත් සභා සංකීර්ණයට පැමිණියා. ඔවුන්ගේ ගමනට බාධා කළ පොලීසිය ප‍්‍රකාශ කළේ පළාත් සභා සංකීර්ණ භූමියට කරත්ත ඇතුළු කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.
0 comments:
Post a Comment