නිෂ්පාදන පිරිවැය ඉහළ ගියද ජල ගාස්තුව දැන්ම ඉහළ නැංවීමට අදහස් නොකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එහි සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෑතදී සිදු කල වැටුප් වැඩිකිරීම, ඉන්ධන මිල වැඩිකිරීම සහ විදුලි ගාස්තු වැඩි කිරීම නිසා පිරිවැය ඉහළ ගිය බවයි. ගෙවීම් නොලබන ජල ප්‍රමාණය අඩු කිරීම, නාස්තිය අවම කිරීම වැනි ක්‍රම මගින් එය පියවා ගැනීමට උත්සහ කරන බව ද ප්‍රකාශ කෙරුණා.
ජල ගාස්තුව අවසන් වරට වැඩි කෙරුණේ 2009 වසරේදී බවද ඉන් පසු ජල ගාස්තුව සංශෝධනය නොකෙරනු බවද කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළා.
0 comments:
Post a Comment