සී.බී. කුසලාන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (පෙබ 21)පැවැති තරගයකදී විනිසුරුවරුන් ලබාදුන් තීරණයක් මතභේදයට ලක්ව තිබෙනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න පන්දුයවන්නාගේ අන්තයේ සීමා ඉරෙන් ඉවත සිටියදී පන්දු යවන්නා වූ රවීන්ද්‍රන් අෂ්වින් විසින් කඩුල්ල බිඳ දැමීමෙන් පසු විනිසුරුවරුන් ලබාදුන් තීරණයයි එලෙස මතභේදයට ලක්ව තිබෙන්නේ. ලහිරු තිරිමාන්න දැවී නොගිය බව විනිසුරුවරුන්ගේ තීරණය වුණා.
පිළිගත් නීතීන්ට අනුව පන්දු යැවීම අතරමග නතර කර කඩුල්ල බිඳ දමා පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරු දවා ගැනීමට නම්, පන්දු යැවීමට පෙර සීමා ඉරෙන් ඉවතට නොයන ලෙස එම පිතිකරුවාට ඊට පෙර අවස්ථාවකදී අනතුරු ඇඟවීමක් කළ යුතුයි. ලහිරු තිරිමාන්නට එවැනි අනතුරු ඇඟවීමක් කෙරුණු බව ඊයේ තරගයේදී ඉන්දීය පිල මෙහෙය වූ විරේන්ද්‍ර ෂෙවාග් පවසනවා. එහෙත් ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසන්නේ එවැනි අනතුරු ඇඟවීමක් නොකෙරුණු බවයි. අනතුරු ඇඟවීමක් කළ යුත්තේ විනිසුරුවරුන් හරහා බවද එබැවින් එවැනි අනතුරු ඇඟවීමක් කෙරුණේදැයි විනිසුරුවරුන්ගෙන් විමසා දැන ගත හැකි බවද මහේල පැවසුවා.
මේ අතර ලහිරු තිරිමාන්න දැවී නොගිය බව තීරණය කිරීමෙන් පසු විනිසුරුවරුන් කියා සිටියේ අවශ්‍ය නම් එම තීරණය නැවත සලකා බැලිය හැකි බවයි. එවැන්නක් කළ යුතු දැයි විනිසුරුවරුන් විරේන්ද්‍ර ෂෙවාග්ගෙන් විමසා සිටියා. එහෙත් ෂෙවාග් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ එම තීරණය නැවත සලකා බැලීම අවශ්‍ය නොවන බවයි. එලෙස කළේ මනුෂ්‍යත්වය සලකා බවද එසේ නොමැතිව එම තීරණය නැවත සලකා බලන්නැයි ඉල්ලීමක් කළේ නම් එය කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහත්මා ගුණාංගවලට පටහැනි යැයි චෝදනා නැගෙනු ඇතැයි විරේන්ද්‍ර ෂෙවාග් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මතභේදයට ලක්ව තිබෙන එම තීරණය තරගයේ අවසාන ප්‍රතිඵලයට බලපෑමක් නොවූ බවයි මහේල ජයවර්ධන පවසන්නේ.
0 comments:
Post a Comment