ලෝකෙටම කොකේන් බෙදන්නේ ලංකාව හරහා ද ?

Wednesday, February 22, 2012

අන්තර්ජාතිකව කෙරෙන කොකේන් ජාවාරමක හුමවාරු මධ්‍යස්ථානයක් ලෙස ශී‍්‍ර ලංකාව යොදා ගැනෙන්නේදැයි සැක පළ වනවා. කලීජ් ටයිබ්ස් වෙබ් අඩවිය පවසන්නේ වෙනත් රටවල සිට ශී‍්‍ර ලංකාවට රැුගෙන එන කොකේන් පසුව බ‍්‍රසීලය, පේරු, තායිලන්තය සහ නයිජීරියාව වැනි රටවලට රැුගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවයි. මෙම මාසයේදී පමණක් ශී‍්‍ර ලංකාවට කොකේන් රැගෙන ආ විදේශිකයන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුනා. ඔවුන් දෙදෙනාම තරුණ වියේ හෝ මැදිවියේ පසුවන යුවතියන් පළමු තැනැත්තිය අත්අඩංගුවට ගැනුනේ පෙබරවාරි මස 3 වැනිදායි. බැංකොක් සිට පේරු දක්වා ගමන් කරමින් සිටි ඇය චොක්ලට් ලෙස හැඟවෙන පරිදි කොකේන් කිලෝග‍්‍රෑම් එකහමාරක් පමණ ගමන් මළු තුළ සඟවාගෙන සිටියා. එ්වායේ වටිනාකම රුපියල් මිලියන විස්සක් පමණ වනවා. අනෙක් තැනැත්තිය අත්අඩංගුවට ගැනුනේ මීට දින කිහිපයකට පෙරයි. පිලිපීන ජාතිකයෙකු වන ඇය බ‍්‍රසීලයේ සිට කටාර් හරහා ශී‍්‍ර ලංකාවට පැමිණියා. ඇය ළඟ තිබූ සොයා ගත් කොකේන් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් තුනහමාරක්. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 45ක් පමණ වනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum