ළදරු පාසල් පාලිකාවක් රවටා එහි සිටි දැරියක් පැහැරගෙන යාමේ සිදුවීමක් පිළිබඳ මුන්දලම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පැහැර ගැනීමට ලක්ව ඇත්තේ පුත්තලම මුන්දලම ප්‍රදේශයේ පදිංචි සරත් චන්ද්‍ර ස්වස්තිකා නමැති වයස අවුරුදු තුනහමාරක පමණ දැරියක්. දැරියගේ මිත්තනිය මියගිය බව පවසමින් ඊයේ (පෙබ 23) දහවල් පැමිණි අයෙකු ඇය ළදරු පාසලෙන් රැගෙන ගොස් තිබෙනවා. තමා සිය දියණිය රැගෙන යාමට ළදරු පාසලට ගිය අවස්ථාවේ ඇය එහි නොසිටි බවද දැරියගේ මව මුන්දලම පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්. දැරියගේ පියා විදේශ ගතව සිටිනවා. මෙය කප්පම් ලබා ගැනීම වෙනුවෙන් කළ පැහැර ගැනීමක්ද නැතහොත් ඇය විදේශ රටකට රැගෙන යාමට සිදු කළාද යන්න පිළිබඳ මුන්දලම පොලීසිය මගින් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.
0 comments:
Post a Comment