තිරිඟු පිටි මිල වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස පී‍්‍රමා සහ සෙරන්ඩිබ් සමාගම් පාරිභෝගික සේවා අධිකාරිය වෙත අයදුම්පත් යොමුකර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම, රුපියල අවප‍්‍රමාණය වීම නිසා තිරිඟු පිටි මිල වැඩි කිරීමට සිදුව ඇතැයි සමාගම් ප‍්‍රකාශ කළා. තිරිඟු ඇට ආනයන බද්ද අඩු කළහොත් පිටිමිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ. ආනයන බදු අඩු නොකළහොත් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7කින් වැඩි කිරීමට සිදුවනු ඇති. ඉන්ධන මිල වැඩි වීමත් සමග බේකරි නිෂ්පාදකයන් සිය නිෂ්පාදන මිල ඉහළ දැමුවා. පිටි මිල ඉහළ ගියහොත් යළි බේකරි නිෂ්පාදන මිලද වැඩි වනු ඇතැයි වෙළෙද පොළ ආරංචි මාර්ග අනාවරණ කළා.
0 comments:
Post a Comment