ඉතාලියට අයත් කොස්ටා ඇලීග්රා නෞකාව ඉන්දියන් සාගරයේදී ගිනි ගැනීමකට ලක් වුණා. මගීන් දහසක් රැගෙන යමින් සිටි මෙම නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් එන්ජිමේ කි‍්‍රයාකාරීත්වය නතර වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසනවා. මේ නිසා නෞකාව මහ සයුරේ අතරමං වී ඇති බවයි වාර්තා වන්නේ. ඇති වූ ගින්නේ සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නැහැ. සහන කණ්ඩායම් නෞකාව ආසන්නයට ළඟා වී ඇති බවයි විදෙස් පුවත් සේවා අනාවරණ කරන්නේ. ඉතාලියට අයත් මෙවැනිම නෞකාවක් පසුගිය ජනවාරි මාසයේදීද ඉන්දියන් සයුරේදී පෙරලී ගියා. එහිදී මියගිය සංඛ්‍යාව 32ක්.
0 comments:
Post a Comment