සයිබර් ප්‍රහාරකයන් 7 දෙනෙකු FBI අත්අඩංගුවට

Wednesday, March 07, 2012

සයිබර් ප‍්‍රහාර සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එෆ්.බී.අයි. රහස්  ඔත්තු සේවය පවසනවා. ඔවුන්ගෙන් හයදෙනෙකු ලූල්සෙක් නම් කණ්ඩායමක සාමාජිකයන්. අනෙක් පුද්ගලයා ඇන්ටිසෙක් නම් කණ්ඩායමක සාමාජිකයෙකු බව හෙළි වී තිබෙනවා. ඔවුන් සයිබර් ප‍්‍රහාර සිදු කර ඇත්තේ අමෙරිකාව බි‍්‍රතාන්‍ය සහ අයර්ලන්තය මූලස්ථාන කරගෙනයි. සෝනි පික්චර්ස් එන්ටර්ටේට්මන්ට් සහ ෆොක්ස් බ්‍රෝඞ්කාස්ටින් යන මාධ්‍ය ආයතනද ප‍්‍රහාරයට ලක් වුණා. පීඩාවට පත් ග‍්‍රහකයන්ගේ සංඛ්‍යාව මිලියනයක් ඉක්ම වන බවයි එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය පවසන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum