ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතාගෙන් අඩත්තේට්ටම් සිදුවන බව දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වන ආනන්ද කාරියවසම් මහතා එම පළාත් සභාවේ අද පැවති රැස්වීමේ දී චෝදනා කළා. මන්ත්‍රීවරයා පැවසුවේ නියාගම, විජිත මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වීමට ඔහුට තිබු අවස්ථාව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා විසින් අවහිර කෙරුණු බවයි. උත්සවයේ ආරාධනා පත්‍ර තැපැල් කිරීමට භාර ගෙන තිබුණේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයා බව ද තමාට එම ආරාධනා පත්‍රය ලැබුණේ උත්සවය පැවති දිනට පසු දින දී බව ද මන්ත්‍රීවරයා පැවසුවා. එහෙත් විරුද්ධ පාර්ශ්විකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාට ආරාධනා පත්‍රය නිවසටම ගොස් භාර දී ඇති බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසුවේ.
0 comments:
Post a Comment