හිසෙහි උකුණන් සහ පණුහොරි මර්ධනයට යොදා ගැනෙන ලින්ඬේන් නමැති ඖෂධය වහාම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලින්ඬේන් ඖෂධයේ අධි සාන්ද්‍රණයන් කෘමි නාශකයක් ලෙසද යොදා ගැනෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. දීර්ඝ කාලයක් එම ඖෂධය ශරීරගත වීමෙන් භයානක අතුරු ආබාධ ප‍්‍රතිඵල වන බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ නිසා එම ඖෂධය තහනම් කරන ලෙසයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුබද්ධ ස්ටොක්හොන් සම්මුති මණ්ඩලය ද නිර්දේශ කර ඇත්තේ. එහෙත්, විකල්ප ඖෂධ හ`දුන්වාදෙන තෙක් 2015 වසර දක්වා එම ඖෂධය තවදුරටත් යොදා ගැනීමට අවසර ලැබී තිබෙනවා. එවැනි විකල්ප ඖෂධ 03 ක් ශ‍්‍රී ලංකාවට දැනටමත් හ`දුන්වා දී ඇති බවයි විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ. එබැවින් ලින්ඬේන් ඖෂධය වහාම තහනම් කිරීමට තීරණය කළ බව එම අධිකාරියේ සභාපති වෛi හේමන්ත බෙනරගම මහතා පැවසුවා.
0 comments:
Post a Comment