කෝකා කෝලා සහ පෙප්සි කෝලා පිළිකා කාරක ?

Friday, March 09, 2012

කෝකා කෝලා සහ පෙප්සි කෝලා යන බීම වර්ගවල වට්ටෝරුව වෙනස් කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. පිළිකා අවධානමක් ඇති බවට බීම අඩංගු බෝතලයේ සදහන් කිරීමට නීතියෙන් නියෝග කිරීම වළක්වා ගැනීම එහි අපේක්ෂාවයි. 
මෙතිලිමයිඩසෝල් නම් රසායනිකයක් අඩංගු කැරමල් වර්ණකයක් කෝකා කෝලා සහ පෙප්සි කෝලා යන බීම වර්ගවලට යොදා ගැනෙනවා. එම රසායනිකය පිළිකා අවධානමක් ඇති කරන බවයි මීයන් යොදා ගනිමින් සිදුකෙරුනු පරීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ. ඒ අනුව එම රසායනිකය පිළිකා අවධානම් ලැයිස්තුවට එක්කිරීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තය පියවර ගෙන තිබෙනවා. එහි  නීතියට අනුව එලෙස පිළිකා අවධානම් ලැයිස්තුවට එක් කෙරුණු රසායනිකයක් යම් නිෂ්පාදනයක අඩංගු නම් එහි ලේබලයේ ඒ බව දැක්විය යුතුයි. එසේ කිරීමෙන් නිෂ්පාදනවල කීර්ති නාමයට හානි සිදුවිය හැකි බව කෝකා කෝලා සහ පෙප්සි කෝලා සමාගම් පවසනවා. 
කෝකා කෝලා සමාගම පෙන්වා දෙන්නේ මීයන්ට පිළිකා අවධානමක් ඇති කළත් මෙතිලිමයිඩසෝල් නම් රසායනිකයෙන් මිනිසුන්ට එවැනි අවධානමක් ඇති කරන බව තහවුරු වී නොමැති බවයි. එබැවින් වට්ටෝරුව වෙනස් නොකළද කෝකා කෝලා සෞඛ්‍යයට අහිතකර නොවන බව අවාධාරණය කෙරුණා. එහෙත්, ගැටුම් වළක්වා ගැනීම ස`දහා වට්ටෝරුව වෙනස් කරන බවයි කොකා කෝලා සමාගමේ නියෝජිතයෙකු වන ඩයනා ගයිසා ප‍්‍රකාශ කළේ. එලෙස වට්ටෝරුව වෙනස් කෙරුණු කොකා කෝලා කැලිෆෝනියා හී වෙළදපළට දැනටමත් නිකුත් කර තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum