ඇමති ඩිලාන්ට දයා ග‍මගේ ගේ බිරිදට හිත ගිහිං

Tuesday, March 06, 2012

අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හරීන් ප‍්‍රනාන්දු මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වුණා. වෙනත් කරුණු අතරේ වැඩසටහනේ නිවේදකයා මේ දෙන්නගෙන් ටිකක් අමුතු විදිහේ ප්‍රශ්ණ දෙක තුනකුත් ඇහුවා. ඒ එක ප්‍රශ්ණයක් තමයි ඔවුන් රගපාන්න ආවොත් ඔවුන්ට ගැලපෙන නිළිය කවුද  කියලා.

හරීන් ප්‍රනාන්දු මහතාට ගැලපෙන නිළිය කවුදැ යි ප්‍රශ්ණ කෙරුණේ ඩිලාන් පෙරේරා මහතාගෙන්. ඊට ‍පිළිතුරු දෙමින් ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ " හරීන්ට ගැලපෙන්නේ අනර්කලී " කියලා. එවිට හරීන් ප‍්‍රනන්දු මහතා :සිනාසෙමින් කියා සිටියේ "අනර්කලීට  මන්ත‍්‍රී හොඳයි ඇමති හොඳා...... යි නේ,  ඒ නිසා  ඇමති වුණාම බලමු" කියලා.

ඩිලාන් පෙරේරා මහතාට ගැලපෙන නිළිය කවුදැ යි ප්‍රශ්ණ කෙරුණේ හරීන් ප්‍රනාන්දු මහතාගෙන්. ඊට ‍පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ  " ඩිලාන්ට ගැලපෙන්නේ නෙහාරා " කියලා. එවිට ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ "නෙහාරා බොහොම පොඩි ළමයෙක්, අපි දෙන්නටම හම්බ වුනා බදුල්ලෙදී, මම දැක්කේ මට වඩා නෙහාරගේ අවධානය යොමුවුනේ මෙයාට " කියලා.

නිවේදකයාගේ ඊළග ප්‍රශ්ණය වුණේ මේ දෙන්නට පාර්ලිමේන්තුවේදී හිතගිය මන්ත‍්‍රීවරියන් කවුද කියලා.

ඩිලාන් පෙරේරා මහතාගේ නම්  හිත ගිය මන්ත‍්‍රීවරිය අනෝමා ගමගේ මහත්මියලු.ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගම‍ගේ මහතාගේ බිරිද.

හරීන් ප‍්‍රනාන්දු මහතාගෙ නම් හිත ගිහිං තියෙන්නේ උපේක්ෂා ස්වර්ණමාලී මහත්මියටයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum