ඕපදුලවලින් මාර්කට් වෙන්න උදයන්ති හරි කැමැත්තෙන්

Monday, June 25, 2012


නළු නිළියන් හා වෙනත් ප්‍රකට චරිත බොහෝමයකට කටකථා සහ ඔපදූප වෙබ් අඩවි හා සගරා නයාට අදුකොල වගේ. එත් එසේ නොවන කිහිපදෙනෙකු ද සිටිනවා.  රංගන ශිල්පීණි උදයන්ති කුලතුංග ඔවුන්ගෙන් කෙනෙක්. දිවයින සති අන්ත පුවත්පතේ මීවිත අතිරේකයට ලබාදුන් සාකච්ඡාවකදී ඇය කරුණු දැක්වූයේ කටකථා සහ ඔපදූප වෙබ් අඩවි හා සගරාවලට ප‍්‍රශංසාත්මකවයි. කටකථා සහ ඔපදූප නිසා නළු නිළියන්ගේ ‘මාකට්’ එක හෙවත් වෙළදපොළ වටිනාකම වැඩිවන බවයි ඇය පෙන්වා දෙන්නේ.

"ඇත්තටම ගොසිප් කියන එක අපට හානියක් විදිහට ගන්න හොඳ නෑ.ඒක හොඳ දෙයක් විදිහටයි මම දැන් හිතෙන්නේ. මොකද ගොසිප් අතර ජනප‍්‍රිය වෙන කොට හොඳ චරිත වලට ආරාධනා ලැබෙනවා. මාර්කටින් පැත්තෙන් ලොකු ජනප‍්‍රියත්වයක් එනවා. එහෙම වෙන එක වාසියක් විදිහටයි මම හිතන්නෙ. ඒක අවාසියක් කියල නම් මම හිතන්නෙ නැහැ. ඇත්ත හරි බොරු හරි කියන්නෙ මොකක් හරි විශේෂිත චරිතයකටනෙ. මම නම් ඒ ගැන සතුටු වෙනවා. මං හිතන්නෙ කාටවත් ගොසිප් ගැන කණගාටු වෙන්න දෙයක් නෑ. මොකද ලංකාවෙ හැමෝම ගැන ගොසිප් වල යන්නෙ නෑ. චරිත කීපයයි ඒවා අතරෙ ඉන්නෙ. ඉතින් ඒ නිසා ඒක හොඳ දෙයක් විදිහටයි මම දැන් දකින්නෙ..."





0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum