ශ්‍රී ලංකා මිරර් වැටලුවේ ඇයි ?

Saturday, June 30, 2012


ශ‍්‍රී ලංකා මිරර් සහ එක්ස් නිවුස් යන වෙබ් අඩවි පවත්වාගෙන ගිය  ගොඩනැගිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජුනි 29) වටලනු ලැබුවේ එම වෙබ් අඩවිවල දිගින් දිගටම අසත්‍ය ප‍්‍රවෘත්ති පළ කිරීම නිසා බව ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය පවසනවා. එවැනි ප‍්‍රවෘත්ති නිසා ජනතාව නොමග යන බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කීර්තිමත් පුද්ගලයින්ට අපහාස සිදු වූ බවද දක්වා තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ පවත්වාගෙන යන වෙබ් අඩවි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කළ යුතුයි. 
ශ‍්‍රී ලංකා මිරර් සහ එක්ස් නිවුස් යන වෙබ් අඩවි එලෙස ලියාපදිංචි කර නැතැයි ද දක්වා තිබෙනවා. එහෙත් THE TRUTH කළ සොයා බැලීමකදී හෙළි වුණේ ශී‍්‍ර ලංකා මිරර් වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කර ඇති බවයි. ඒ බව තහවුරු කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතා උක්ත වැටලීම සම්බන්ධයෙන් නීතියේ සරණ පතන බවද ප‍්‍රකාශ කළා.
මේ අතර  ශී‍්‍ර ලංකා මිරර් වෙබ් අඩවියේ කතෘවරයා වන කැළුම් ශිවන්ත මහතා ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වෙබ් අඩවිය සහ එක්ස් නිවුස් වෙබ් අඩවියේ පරිගණක ඇතුළු උපකරණද අත්අඩංගුවට ගැනුනා. ගොඩනැගිලල් මුද්‍රා තැබුණ බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. එවැන්නක් කරනු ලැබූයේ විමර්ශන කටයුතු සඳහා බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum