ශ්‍රී ලංකාවේ ගුවන් භටයන්ට ඉන්දියාව තහනම් වෙයි

Saturday, July 07, 2012


චෙන්නායි හී ගුවන් හමුදා කඳවුරක පුහුණුව ලබන ශ‍්‍රී ලාංකික ගුවන් භටයින්              සියලූ දෙනා එම පුහුණුව අත්හිටුවා ශ‍්‍රී ලංකාවට නැවත හරහා එවීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ද හින්දු වෙබ් අඩවිය පවසන්නේ පාර්ශ්ව කිහිපයක විරෝධතා සැලකිල්ලට ගනිමින් ඉන්දීය ආණ්ඩුව එම තීරණයට එළැඹ තිබෙන බවයි. විරෝධය දැක්වුවන් අතර තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය ද හිටපු ප‍්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා ද සිටිනවා. ජයලලිතා ජයරාම් මහත්මිය පැවසුවේ ශ‍්‍රී ලංකාවේ ගුවන් භටයින්ට පුහුණුව ලබා දීම නොව ඉන්දියාව කළ යුත්තේ ශ‍්‍රී ලංකාවට ආර්ථික සම්බාදක පැනවීම බවයි. 
චෙන්නායි හී පුහුණුව ලබමින් සිටි ශ‍්‍රී ලාංකික ගුවන් භටයින් ගණන 09 ක්. ඉන්දීය ගුවන් හමුදාවේ තම්බරාම් කඳවුරේ දී පුහුණුව ක‍්‍රියාත්මක වුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum