අකුරැස්සේ දී දැරියක් කෙලසුණේ මව ද දැනුවත්වලු

Saturday, July 07, 2012


ළමා අපයෝජන වැඩිවීමට තාවකාලික ලැඟුම්හල් සිඝ‍්‍රයෙන් ප‍්‍රචලිත වීම ද       හේතුවක් වී ඇතැයි පොලිසිය පවසනවා. සෙසු හේතුන් ලෙස හඳුනා ගෙන ඇත්තේ ජංගම දුරකථන ප‍්‍රචලිත වීම, අසභ්‍ය චිත‍්‍රපට සහ ප‍්‍රකාශන ප‍්‍රචලිත වීම සහ කාමූකත්වය ප‍්‍රකට වන පරිදි මාධ්‍ය මගින් ප‍්‍රචාරය කෙරෙන වැඩසටහන්. මව්පියන්ගේ සහ භාරකරුවන්ගේ නොසැලකිල්ල ද ප‍්‍රමුඛ හේතුවක් බව පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවා. 
මේ අතර මෑතදී වඩාත් කථාබහට ලක්වු ළමා අපයෝජන 04 ක්ම මව්පියන්ගේ සහ භාරකරුවන්ගේ නොසැලකිල්ල නිසා සිදුවු බව ද ප‍්‍රකාශ කෙරුණා. හක්මන දැරියක් තංගල්ලේ දී දුෂණය වු අවස්ථාවේදී එම දැරිය දින 05 ක් නිවසින් බැහැරව සිටියත් මව්පියන් හෝ භාරකරුවන් ඇය සම්බන්ධයෙන් සොයා බලා නැහැ. 07 හැවිරිදි දැරියක් අපයෝජනය කර කසල ඇලකට දැමු බවට කිරුළපනින් වාර්තා වුණු සිද්ධියේ දී එම දැරිය ආගමික පෙරහැරකට සහභාගි කරවා තිබුණේ භාරකරුවෙකු නොමැතිවයි. 
අකුරැස්ස ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් දුෂණය කෙරුණු දැරිය එලෙස අපයෝජනයට ලක්වන බව ඇගේ මව ද දැනුවත්ව සිටියේ යැයි විමර්ශනවලින් හෙලිව තිබෙනවා. වෙන්නප්පුවේ දී 62 වැනි වියේ පසු වු රියදුරෙකු විසින් වයස අවුරුදු 05 ක දැරියක් අපයෝජනයට ලක් කෙරුණු සිද්ධියේදි එම දැරිය රියදුරා සමග හුදකලාව තැබීමෙන් මව්පියන් නොසැලකිලිමත් වී ඇති බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධීකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum