හරිහරන් ආවේ නැත්තේ ඇයි ?

Saturday, July 07, 2012


ශී‍්‍ර ලංකාවේ අද පැවැත්වීමට තිබූ සංගීත ප‍්‍රසංගය අත්හිටුවීමට සිදු වූයේ දෙමළ රසිකයන්ගේ බලවත් ඉල්ලීම් නිසා බව ඉන්දීය ගායන ශිල්පී හරීහරන් පවසනවා. 
‘‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’’ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡුාවකදී හරීහරන් වැඩිදුරටත් පවසා තිබෙන්නේ දශක 3ක් තිස්සේ ගීත ගායනා කළේ සාමය සතුට හා ආදරය වෙනුවෙන් බවයි. කිසියම් ප‍්‍රසංගයක් නිසා එවැනි මානුෂීය හැඟීම් විනාශ වේ නම් හෝ අසීරුවෙන් දිනාගත් රසික හදවත් වේදනාවට පත් වේ නම් වඩා සුදුසු වන්නේ එම ප‍්‍රසංගය අත්හිටුවීම බවද හරීහරන් පවසා තිබෙනවා. 
මේ අතර ශ‍්‍රී ලංකාවට නොයන්නැයි හරීහරන්ගෙන් ඉල්ලීම් කෙරුණේ දකුණු ඉන්දියාවේ මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සහ එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ කණ්ඩායම් විසින්. ශී‍්‍ර ලංකාව යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංගණය කළේ යැයි චෝදනා ලැබ සිටින බවද එයින් පළුදු වූ කීර්තිනාමය යළි දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව විවිධ සංස්කෘතික උළෙල සංවිධාන කරන බවද ඔවුන් ප‍්‍රකාශ කළා. එ්වාට සහභාගි වීමෙන් සිදුවන්නේ ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංගණය කිරීම් අනුමත කිරිමක් බවයි ඔවුන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum