ශ්‍රී ලංකා‍වේ ගුවන් භටයන්ට ඉන්දියාව තහනම් වූ පුවත බොරුලු

Saturday, July 07, 2012


ශී‍්‍ර ලාංකික ගුවන් භටයන්ට ලබාදුන් පුහුණුව අත්හිටුවා ඔවුන් ආපසු හරවා එවීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කළේ යැයි එරට මාධ්‍යයන් හි ඊයේ (ජුලි 07) පළ වූ වාර්තා දෝෂ සහිත බව ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. පුහුණුව අත්හිටුවීමට හෝ පුහුණුව ලබන ශී‍්‍ර ලාංකික ගුවන් භටයන් ආපසු හරවා එවීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කර නොමැති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. සැබෑ ලෙස සිදුව ඇත්තේ පුහුණුවේ පළමු අදියර අවසන් වීම සහ දෙවන අදියර සඳහා එම ගුවන් භටයන් ඉන්දියාවේම වෙනත් ස්ථානයකට මාරු කිරීම බවද ප‍්‍රකාශ කෙරුණා. 
මේ අතර ශී‍්‍ර ලාංකික ගුවන් භටයන්ට ලබාදුන් පුහුණුව අත්හිටුවා ඔවුන් ආපසු හරවා එවීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කළේ යැයි ඊයේ පළමු වරට වාර්තා කළේ  ‘‘ද හින්දු’’ පුවත්පතයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනයක්ද උපුටා දක්වමින් එන්.ඞී.ටී.වී. ඇතුළු එරට තවත් මාධ්‍ය ගණනාවක්ද එ් බව වාර්තා කළා. ඒවායෙන් වැඩිදුරටත් කියවුනේ තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය සහ තවත් පාර්ශ්ව කිහිපයක් විසින් කරන ලද පෙළඹවීම් නිසා ඉන්දීය ආණ්ඩුව එම තීරණයට එළැඹි බවයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum