අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් විභාගයේ ප‍්‍රතිඵල වහාම නිවැරදි කරන්නැයි බල කෙරෙන පෙත්සමකට අත්සන් ගැනීම කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටින් අද ආරම්භ වුණා. එය මෙහෙයවනු ලබන්නේ පාසල් සුරැකීමේ ජාතික ව්‍යාපාරයයි. රටපුරා සියලූ ප‍්‍රධාන නගරවලදී මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීමට නියමිතව තිබෙනවා
මේ අතර දැනට නිකුත් කර ඇති උසස් පෙළ ප‍්‍රතිඵලවලට විරෝධය පළ කරමින් රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ද උද්ඝෝෂණයක නිරත වීමට සූදානම් වනවා. එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී තව නොබෝ වේලාවකින් උද්ඝෝෂණය ආරම්භ කරන බව එහි මහා ශිෂ්‍ය සංගමයේ වැඩබලන සභාපති ඩබ්ලිව්.බී. දිසානායක පැවසුවේ.
0 comments:
Post a Comment