පාසල්වලට සිසුන් ඇතුලත් කරගැනීමට මුදල් ගත් අවස්ථා 15 ක්

Thursday, January 05, 2012

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා මුදල් අය කෙරුණු අවස්ථා සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට බස්නාහිර පළාත් සභාව ඊයේ සිට විවෘත කළ දුරකතන අංක දෙකට මේ දක්වා පැමිණිලි 15ක් ලැබී තිබෙනවා. 011 2 698 410 සහ 0 759 22 23 00 එම දුරකතන අංකයි. මීට අමතරව 071-44 031 24 යන දුරකතන අංකයද පැමිණිලි භාර ගැනීමට අද සිට විවෘත කරන බව බස්නාහිර පළාත් සභාව පවසනවා. දැනට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. කොට්ටාව ධර්මපාල, හොරණ තක්ෂිලා සහ කොටහේන ශාන්ත ලූසියා චෝදනාවට ලක්ව ඇති පාසල් කිහිපයක්. බස්නාහිර පළාත් සභාවෙන් පිටත පාසල් සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබෙමින් ඇතැයි ප‍්‍රකාශ කෙරුණා. එහෙත් ඒවා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බස්නාහිර පළාත් සභාවට බලය නැහැ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum