රාජ්‍ය ආයතනවලට පුද්ගලික සමාගම්වලින් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට සේවකයින් බදවා ගැනීම වහාම අත්හිටුවන්නැයි වෘත්තීය සමිති ඒකාබද්ධ මණ්ඩලය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ විධායක සභික සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසුවේ රාජ්‍ය ආයතනවල කොන්ත‍්‍රාත් සහ අනියම් සේවකයින් ස්ථිර කරන්නැයි ද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් ද ගැටළු පවතින බව සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසනවා. ඒවාද රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බවයි ප‍්‍රකාශ කෙරුණේ.
0 comments:
Post a Comment