තැපැල් දෙපාර්තමේන්තුවේ අක‍්‍රමිකතා අවම කිරීමට තැපැල්පති ධුරයෙන් එන්.කේ.බී. දිසානායක මහතා ඉවත් වීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක චින්තක බණ්ඩාර මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවක දී පෙන්වා දුන්නේ මීට පෙර පත්කෙරුණු ත‍්‍රිපුද්ගල කමිටුව විසින් ලබාදුන් නිර්දේශ වහා ක‍්‍රියාත්මක කිරීම ද අවශ්‍ය බවයි.
තැපැල්පති ලෙස එන්.කේ.බී. දිසානායක මහතා කටයුතු කළ සමයේ අත්සන් කෙරුණු ඇතැම් ගිවිසුම් නිසා තැපැල් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් කෝටි 50 ක් පමණ පාඩු වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එම ගිවිසුම් සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවයි චින්තක බණ්ඩාර මහතා අවධාරණය කළේ.
කෙසේවෙතත් තැපැල් දෙපාර්තමේන්තුවේ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජීවන් කුමාරතුංග මහතාද වගකිව යුතු නොවේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට මෙහිදී ලැබුණේ පරස්පර පිළිිතුරුයි. එම අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍යවරයා ද යම් තරමකට වගකිව යුතු බව චින්තක බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා. එහෙත්, තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකත්වය දරණ තැපැල් තෝරන නිළධාරීන්ගේ සංගමයේ සභාපති කේ.වී.ඞී. පියදාස මහතා පැවසුවේ අමාත්‍යවරයා වගකීමෙන් නිදහස් විය යුතු බවයි.
මේ අතර නව තැපැල්පතිවරයා ලෙස රෝහණ අබේරත්න මහතා පත්කර සිටිනවා. ඒ මහතා ඉදිරි දිනකදී වැඩභාර ගැනීමට නියමිතයි.
0 comments:
Post a Comment