මුද්දර පුස් කෑවේ නෑලු....

Friday, January 06, 2012

තැපැල් දෙපාර්තමේන්තුවේ ගබඩාවක තිබී භාවිතයට නොගත් මුද්දර තොගයක් සොයා ගත් බවට පළ වූ වාර්තා අසත්‍යයක් බව තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා පවසනවා. තැපැල් සේවා අමාත්‍යංශය ඊයේ (ජන.05) ප‍්‍රකාශ කළේ වෘත්තීය සමිති විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ කමිටුවක් කළ විගණනයක දී එම මුද්දර තොගය සොයා ගත් බවයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 18 ක් බව ද ඒවා ඉහළ මිළ ගණන්වල පැරණි මුද්දර බවද තැපැල් අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවා. එහෙත්, තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා පවසන්නේ එම මුද්දර තොගය මුද්‍රා තබා සංරක්ෂණය කර තිබූ බවයි. ඇතැම් මුද්දර මුද්‍රණය කරන්නේ එක්වරක් පමණක් බව ද ඒවා විනාශ කිරීමට උපදෙස් ලබා දිය යුත්තේ විශ්ව තැපැල් සංගමය බව ද ප‍්‍රකාශ කෙරුණා. සොයාගත් බව කියන මුද්දරය තොගය සංරක්ෂණය කර තිබුණේ විනාශ කිරීමට එලෙස උපදෙස් ලැබෙන තෙක් බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum