උසස් පෙළ විද්වත් නිර්දේශ වහා ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන උපදෙස්

Tuesday, January 17, 2012

උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල දෝෂ සොයා බැලූ විද්වත් කමිටුවේ නිර්දේශ වහාම ක‍්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අධ්‍යාපන අමාත්‍යංශයට, උසස් අධ්‍යාපන අමාත්‍යංශයට, විභාග දෙපාර්තමේන්තුවට සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට අද උපදෙස් ලබා දුන්නා. උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් තවමත් නොවිසුඳුනු ගැටළුවලට පිලිතුරු දීම සඳහා දුරකථන අංකයක් සහ විද්්‍යුත් තැපැල් ලිපියනක් හඳුන්වා දිම විද්වත් කමිටුවේ පළමු නිර්දේශයයි. විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා ක‍්‍රමයක් සකස් කිරීමට විද්වතුන්ගේ වඩා පුළුල් නියෝජනයකින් තොරතුරු ලබා ගැනීමට ද නිර්දේශ කර තිබෙනවා. විභාග ක‍්‍රමයේ පාරදෘෂ්‍යභාවය තහවුරු කිරීම සඳහා කාලීන තාක්‍ෂණ විගණන කි‍්‍රයාවලියක් ස්ථාපනය කරන ලෙස ද දැනට ඇති කාර්ය පටිපාටීන් සංශෝධනය කරන ලෙස ද නිර්දේශිතයි. ප‍්‍රතිඵල ඇගයීම සඳහා භාවිත කරන මෘදුකාංගය වැඩි දියුණු කිරීම විද්වත් කමිටුවේ තවත් නිර්දේශයක්. නිර්දේශ ක‍්‍රියාත්මක වන බවට තහවුරු කිරීම සඳහා කාල රාමුවක් සකස් කිරීමට සහ අවශ්‍ය වියදම් මහා භාණ්ඩාගාරයෙන් සපයා දිය යුතු බවටත් නිර්දේශ කර තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum