අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකුව සිට අල්ලස් චෝදනාවකට ලක්වු චන්ද්‍රරත්න ධර්මවර්ධන මහතා නීතිඥයකු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාර වුණා. කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ කළමනාකරු ලෙස කටයුතු කරමින් රුපියල් ලක්‍ෂ 03 ක් අල්ලසක් ලෙස ලබා ගත් බවටයි ඒ මහතා චෝදනාවට ලක්ව සිටින්නේ. කොළඹ නුවර ධාවන බලපත‍්‍රයක් ලබා දීම සඳහා පෞද්ගලික බස් හිමියෙකුගෙන් ඉකුත් 2007 වසරේදී එම අල්ලස ලබා ගෙන ඇතැයි චෝදනා පත‍්‍රයේ සඳහන් වනවා. කෙසේ වෙතත් ඒ මහතා රුපියල් ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප 03 ක් මත මුදා හරින බවයි මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතා ප‍්‍රකාශ කළේ.
0 comments:
Post a Comment