සුනඛයන් සඳහා ලබාදෙන ජලභීතිකා මර්දන එන්නත් හිඟ වී ඇතියි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම එන්නත් ලබන මස මුලදී ආනයනය කරන බවයි අමාත්‍යංශය ප‍්‍රකාශ කරන්නේ. එන්නත් නොමැති වීම නිසා ජලභීතිකා රෝග මර්දනයට බාධා පැමිණ ඇති බව පශු වෛද්‍යවරුන් කියා සිටියා. ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ආරම්භ කළ වන්ධ්‍යකරණ වැඩපිළිවෙළ ද තාවකාලිකව නතර වී තිබෙනවා.
මේ අතර විශේෂයෙන්ම රත්නපුර දිස්ති‍්‍රක්කයේ ජලභීතිකා රෝගය වැඩි වී ඇති බව සෞඛ්‍ය වාර්තා අනාවරණ කළා. පසුගිය වසරේ පමණක් රත්නපුර මහ රෝහලෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වූවන් දස දහසක් ප‍්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
0 comments:
Post a Comment