ගරාජ් අංක භාවිත කරමින් වාහන පදවන්නන්ට වැඩ වරදීයි

Friday, January 27, 2012

ගරාජ් අංක භාවිත කරමින් රථ වාහන ධාවනය කරන්නන්ට එරෙහිව නීතිය අකුරට කි‍්‍රයාත්මක කිරීමට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ පොලීසිය සූදානම් වනවා. ඊට හේතු වී ඇත්තේ රථ වාහන රියැදුරුන් ගරාජ් අංක භාවිත කරමින් රථ වාහන ධාවනය කිරීම ඉහළ යාමයි. ආනයනය කරනු ලබන වාහන වරායේ සිට අලෙවි කරන ස්ථානය දක්වා රැුගෙන යාම සඳහා ගරාජ් අංක භාවිත කර ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. ලියපාදිංචි නොකර භාවිත කළ රථ වාහන රැසක් පසුගිය කාලයේදී කොළඹ නගර සීමාවේදී අත්අඩංගුවට ගැනුනා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum