ආණ්ඩුව කෙළින් නෑලු

Tuesday, January 31, 2012

රජයේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඍජු ප‍්‍රකාශයක් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ විදේශීය  රටවලට රජය විශාල මුදලක් ණය වී ඇති බවයි. එහෙත් සත්‍ය වසන් කර ජනතාව මුලා කිරීමට   ආණ්ඩුව  කටයුතු කරන බව ඔහු පැවසුවේ හෝමාගම ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති ජනහමුවකට එක්වෙමින්.

මේ අතර අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමේදී අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ විදේශීය රටවලින් ණය මෙන්ම ආධාරද ලබා ගන්නා බවයි. පසුගිය වසරේදී චීනය ශී‍්‍ර ලංකාවට වැඩිම ආධාර ලබාදුන් විදේශීය රට වනවා. නෙළුම් පොකුණ රඟහල, කිරිබත්ගොඩ - කඩවත ප‍්‍රධාන මාර්ගය චීන ආධාර යටතේ ඉදිකළ ව්‍යපෘති වනවා. ඉන්දියාවද ශී‍්‍ර ලංකාවට ණය සහ ආධාර ලබාදී ඇති බවයි ඔහු අනාවරණ කළේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum