වැලිගම ප‍්‍රාදේශීය සභාවෙන් ලදු පොතක් අතුරුදන්

Tuesday, January 31, 2012

පිටු සියයකින් සමන්විත ලදු පොතක් වැලිගම  ප‍්‍රාදේශීය  සභාවෙන් අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම අක‍්‍රමිකතාවය සිදු වූයේ 2010 වසරේදීයි. එම ලදුපොත උපයෝගී කර ගනිමින් වෙරළ ආශි‍්‍රත හෝටල් ඉදිකිරීම සහ වෙනත් ඉදිකිරීම් සඳහා මුදල් නිකුත් කර ඇති බව අනාවරණ වූණා. ලදු පොත අස්ථාන ගත වීමෙන් වැලිගම ප‍්‍රාදේශීය සභාවට අහිමි වී ඇති මුදල රුපියල් කෝටි ගණනක් වනවා. THE TRUTH මේ පිළිබඳ වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතාගෙන් විමසීමක් කළා. සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණ මන්දගාමී බවයි ඔහු පෙන්වා දුන්නේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum