ජනතාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලනය කිරීමට සුදානම් බව ජන අරගල ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරයේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ ජනතා අරමුණු ජයග‍්‍රහණය කරවීම පිළිබඳ පුළුල් දැක්මක් තමන්ට ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණ සහ තමන් අතර පවතින විශම මත පදනම් කර ගනිමින් එය පටු කිරිමට සුදානම් නැතැයි ද එහිදී අවධාරණය කෙරුණා.
සිය දේශපාලන ක‍්‍රියාදාමය වෙනුවෙන් පක්‍ෂයක් ලියාපදිංචි කිරිම කඩිනම් කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කොස්වත්ත මහතා පැවසුවේ ජන අරගල ව්‍යාපාරයෙන් වෙනස්වන දේශපාලනික ලක්‍ෂණ එම පක්‍ෂය තුළ දැකිය හැකිවනු ඇති බවයි.
0 comments:
Post a Comment