පකිස්තානුවන් මරාදැමූ හෘද රෝග ඖෂධය ශ‍්‍රී ලංකාවේ තහනම්

Friday, January 27, 2012

හෘද රෝගීන් සදහා ලබාදෙන අයිසෝසෝ බයිට් මොනෝනයිට්රේට් මිලිග‍්‍රෑම් 20 ඖෂධය ශ‍්‍රී ලංකාවේ භාවිත කිරීම වහාම තහනම් කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යංශය අද (ජන 27) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ඖෂධය අලෙවි කිරීම ද තහනම් වන බවයි. පකිස්තානයේ නිෂ්පාදිත එම ඖෂධය ලබාදීමෙන් පසු එරට හෘද රෝගීන් 70කට වැඩි පිරිසක් මියගිය බව THE TRUTH ඊයේ අනාවරණ කළා.  තවත් 400 කට වැඩි පිරිසක් අසාධ්‍ය වී සිටින බවයි THE TRUTH වැරඩිදුරටත් අනාවරණ කළේ. එම ඖෂධය ශ‍්‍රී ලංකාවේ ද ලියාපදිංචි එකක් බව පසුව කළ සොයා බැලීමක දී හෙළිවූණා. ඖෂධය ශ‍්‍රී ලංකාවේ භාවිත කිරීම කහනම් කෙරුණේ ඒ අනුව බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. 
මේ අතර  එම ඖෂධය නිපදවන පකිස්තාන සමාගම් කිහිපයක හිමිකරුවන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සදහා ඖෂධ සාම්පල් බි‍්‍රතාන්‍යයට සහ ප‍්‍රංශයට යැවූ බවයි පකිස්තාන ආණ්ඩුව පවසන්නේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum