දෙදින නිළ සංචාරයක් සදහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටි කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ශෙයික් හමාඞ් බින් කලීෆා අල්තානි මහතා අද පෙරවරුවේ යළි පිටව ගියා. කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී එමීර්වරයාට සමුදුන්නේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි. ඊයේ පස්වරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණි එමීර්වරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම`ග සාකච්ඡා පැවැත්වූවා. පසුව ද්විපාර්ශවික ගිවිසුම් 09 කට අත්සන් තැබූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ.
0 comments:
Post a Comment