සීගිරියේ ප‍්‍රධාන මාර්ගයක නිරුවත්ව නාට්‍යක් රගපෑ පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය විසින් ඊයේ අත්අඩංගුට ගැනුණා. ප‍්‍රදේශවාසියෙකු පොලිසියට පැමිණිලි කර ඇත්තේ එම පුද්ගලයන් තුන්දෙනා අසභ්‍ය වචන සහිත ගීත ද ගායනා කරමින් රංගනයේ යෙදුණු බවයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියට දැමීමෙන් පසුව ද ඔවුන් එවැනි ගීත කියමින් නිරුවත්ව රංගනයේ යෙදී ඇතැයි වාර්තා වුණා. එම අවස්ථාවේ ඔවුන් අධික ලෙස බීමත්ව සිටි බවයි විමර්ශනවලින් හෙළිවුණේ. වාරියපොළ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් වීදි නාට්‍ය කණ්ඩායමක සාමාජිකයන් බවට සීගිරයට පැමිණ ඇත්තේ ඥාතියෙකු හමුවීමට බව ද විමර්ශනවලින් හෙළවුණා.
0 comments:
Post a Comment