බන්ධනාගාර නිලධාරීන්ගේ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැකසීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ ගැටුම පාදක කර ගනිමින්. ගැටුම ඇති වීම සඳහා බන්ධනාගාර නිලධාරින් පිරිසක් රැඳවූවන් පෙළඹවූයේ දැයි සැකයක් මතුව තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඇතැමෙකුගේ විෂම කි‍්‍රයා කලාපයන් පිළිබඳ විවිධ තොරතුරු වැලිකඩ මැගසින් බන්ධනාගාර පරිපාලනය වෙත ලැබී තිබුණා. ඇතැම් වාර්තාවල දැක්වුණේ රැඳවූවෙකුට පිටතින් ලැබෙන ජංගම දුරකතනයක් ලබාදීම සඳහා බන්ධනාගාර නිලධාරියෙකු රුපියල් පන්දහසක් වැනි මුදලක් අය කරන බවයි. මෙවැනි තත්වයන් පාලනය කිරීමට මැගසින් බන්ධනාගාරයේ නව බන්ධනාගාර අධිකාරිවරයා නීති දැඩි කොට තිබෙනවා. මෙයට එරෙහි වූවන් පිරිසක් රැඳවූවන් කුපිත කළේ දැයි සැකයක් මතුවන බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු ප‍්‍රකාශ කළා. එසේම රැඳවූවන් සමග ඇතැම් බන්ධනාගාර නිලධාරීන් පවත්වාගෙන යන ඍජු සබඳතාද ගැටලූවක් බවයි එම නිලධාරියා කියා සිටියේ.
0 comments:
Post a Comment