ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලින් ණය ලබාදීම මෙම වසරේදී තවදුරටත් වැඩිවනු ඇතැයි අන්තර්ජාතික ෆිච් රේටින්ග්ස් ආයතනය පවසනවා. එම වැඩිවීම පෙර වසරට සාපේක්ෂව සියයට 25 ක් පමණ වනු ඇති බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ. වැඩිම ප‍්‍රමාණයකින් වැඩිවනු ඇතැයි අනුමාන කර තිබෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබාදීමයි. අක‍්‍රිය ණය ප‍්‍රමාණය වැඩිවනු ඇතැයි ද ඒ නිසා ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණ වනු ඇතැයිද අනුමාන කර තිබෙනවා. ඊට මුහුණ දීම ස`දහා ඉතා හොද අවධානම් කළමණාකරන යාන්ත‍්‍රණයක් වාණිජ බැංකු විසින් සකසා ගත යුතු බවයි යෝජනා කර ඇත්තේ.
0 comments:
Post a Comment