තලෙයිබාන් සංවිධානය සමග සෘජු සාකච්ඡා පැවැත්වීමට ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඞ් කර්සායි සූදානම් වනවා. ඇෆ්ගන් ආරංචි උපුටා දක්වමින් බි බි සී ලෝක සේවය පවසන්නේ එම සාකච්ඡා සෞදි ආබියේ දී පැවැත්වෙනු ඇති බවයි. හමීඞ් කර්සායි ගේ රජය පිළිගැනීමට තලෙයිබාන් සංවිධානය මීට පෙර අකමැත්ත දැක්වූවා. එහෙත්, සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට ඔවුන් එකගතාව පළකර ඇති බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. තලෙයිබාන් සංවිධානයේ ශාඛාවක් කටාර් හී පිහිටුවීමට සැළසුම් කර ඇතැයි ද බි බි සී ලෝක සේවය පවසනවා.
0 comments:
Post a Comment