දේශපාලන විසදුමක් ලෙස ක‍්‍රියාත්මක කළ යුත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ද ඊට වැඩි හෝ අඩු බලය බෙදීමක් දැයි තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තේරීම්කාරක සභාවක් ද පත්කර ඊට නියෝජිතයන් නම් කරන්නැයි සියළු පක්ෂවලට ආරාධනා කළේ ඒ නිසා බවයි මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (ජන 30)පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. එහෙත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඊට නියෝජිකයන් පත් නොකළ බව ද එය සැළකිල්ලට ගෙන සියළු පක්ෂවල නායකයන් පාර්ලිමේන්තුවේ දී මුණ ගැසී සාකච්චා කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.
මේ අතර 13 වන සංශෝධනය ඉක්මවා යන දේශපාලන විසදුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්.ක‍්‍රිෂ්ණා මහතා ඉකුත් දා ප‍්‍රකාශ කළේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජනාධිපතිවරයා පැවසුවේ ආණ්ඩුවේ යෝජනාවක් වන සෙනට් සභාව 13 වන සංශෝධනය ඉක්මවා යාමක් බවයි. එහෙත්, 13 වන සංශෝධනයේ ස`දහන් පරිදි ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට පවරා දීමට කිසිසේත් ක‍්‍රියා නොකරන බව ජනාධිපතිවරයා අවධාරනය කළා.
0 comments:
Post a Comment